මා දෙස නෙත් නොපියා බලාපු
හිමිහිට බලාපොරොත්තු ගෙනාපු
වැඩිපුර මාත් එක්ක නොවාපු
මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු
ඔබ තවමත් ඇය තමයි
මගෙ හිත හදාපු...

හිතුමතේ පාවෙනා
හිත හැදෙයිලු
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද
දුකයිලු...

පපුවට තුරුලුවී හිඳ හඬාපු
ළං වී තොදොල් බස් මට දොඩාපු
හිත ළඟ හීනෙන් නිදි වරාපු
සිහිනෙක සොඳුරු සුවය මට ගෙනාපු
මට තවමත් සුවඳ දෙයි
මලකින් හමාපු....

<Romesh Sugathapala, Lakshan>


ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩසි සඳට
රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා
ර‍ටා මවනවා..

හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු
ආදරයද මේ
හිරු රහසේ කියා දුන්නු
ආදරයද මේ..

නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව ‍රැඳවුන
තොල් පෙති කන් පලදාලන
ආදරයද මේ
නුඹ රහසේ කියාදුන්නු
ආදරයද මේ..

<Amaradewa>




සඳ තරු නිහඬයි
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

පියා නුවන් යුග
නිවා හැඟුම් සිත
සැතපෙන්නට
වෙර දරන පැයේ
පාළුව තනිකම
කුටියට අවුදින්
හදවත අවදි කලා....

මවා නුවන් ඔබ
ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන්
ගලා ‍රැයේ..
සෙනෙහෙස හඬවා
මතකය ඉකිබිඳ
හදවත අවදි කලා....

<Amaradewa>



ළා දළු බෝ පත්
සෙමින් සැළෙන සේ
යශෝධරා දේවි
වාවනු බැරි තැන
රහසේ හැඬුවා
පෙර සංසාරේ
ඇසුර මතක් වි..

ලේන කුලේ සිට
ආගිය මග තොට
සිටියා නොසැලෙන
පහන් ටැඹක් වී
නිවන් දකින තුරු
මේ සංසාරේ
පසුපස ආවා
සෙවනැල්ලක් වි..

තැලී සෙනේ සිත
සැළී හඬන විට
වැටී දෙපා ළඟ
යශෝධරාවෝ
පිපී නිවන් මල්
සාදුකාර දී
නිවී පහන් විය
උදෑසනක් සේ...

<Karunarathna Diwulgane>


සුළන් කපොල්ලේ
තැනූ කැදෙල්ලේ
කෑලි කැඩි බිඳි වැටේ
නිල් කඳු ‍රැල්ලේ..

කූඩු කැඩී තැන තැන ගිය
පුංචි කිරිල්ලී..
දැන් ඔබ ළඟ සිටී
රුවක් විලස නොසෙල්ලී..
යොදුන් ගණන් ඔබැම සොයා
ආ සිවුමැල්ලි..
පිළිගනු ඈ කොහි යන්නද
නැවත ඉගිල්ලී..

ඇයට මවක් පියකු නොමැත
සිතිජ වළල්ලේ..
කඳුල පමණි
ඇයට උරුම දවස මුලුල්ලේ...
ඔබ තනිකඩ කුරුලු රජෙකි
වෙසෙන නිදැල්ලේ..
ඇයට ලැඟුම් දෙන්න සබඳ
ඔබේ කැදැල්ලේ...

<Nanda Malini>


සංසාරේ ආ ලෙසිනා
ශෘංගාරේ යා කෙරුනා
පිණියායේ සැරිසරනා...
වරු ගානේ කොඳුරමිනා
හිත අස්සේ ඈ ‍රැඳුනා
හිත මානේ පිනි ඉසිනා
නෙතු යායේ ඉඟි වසිනා

රතු දෙතොලක පැහැසර වැදුනා
වතුසුදු මල හද තුල පිපුණා
ඔබෙ සුවදැති මඳ නල වැහිලා පායා
වස්සානේ සේයා
ඇස් මානේ ගාවා
සංසිඳිනා සේමා
පෙම් කෙරුවා ඈ
නෙතු පැටලි ආ දා මාගේ කියා
මල් වාරේ ආව සොයා..

ලැසි ගමනට ආලය හිතිලා
ඇසි පිය යට සෙනෙහස පිරුණා
සඳ පරදන වත මට සිහිවීලා බෝමා
වෙල් තීරේ පීරා
ගිම්හානේ පේනා
ඇස් බැඳුනේ ඈ හා
ළං වෙනවා ඈ..
නෙතු පැටලි ආ දා මාගේ කියා
මල් වාරේ ආවා සොයා....

<Dayasiri Jayasekara>


නැගෙන බිඳෙන
හැම සමුදුරු රැලි මත
නුඹෙ මුව හිනැහෙනු
මා දුටුවා
නොදැනිම වාගෙ
ඒ රුව බොඳ කර
කඳුලක් නෙත
තනියට නැගුනා

මතකද හැම රෑ
පහන් වනතුරා
පැතූ පැතුම් කෙලි සිනා වදන්
දින ගෙවෙනා හැටි
අප දැන හිටියා

අද නුඹ කොහිදැයි සිත ඇසුවත්....

ඉරණම ලියැවි
අප වෙන් කලදා
දෙගුරුන් හමුවේ
සිත නිහඩයි
නුඹ මියැදෙන බව
දැන දැන සිතකින්

නෙලා ගම්ද සොදුරේ කෙලෙසින්....

මා තුරුලට ගෙන
සුරතල් කරනට
අහිමි උනත් මට
සොඳුරු වරම්
අන්සතු උයනක
නුඹ හිනැහෙනයුරු

දැක තුටු වෙමි නැවතී මෙතෙකින්....


පියාපත් වළාකුළු
සුළන් ‍රැළි සැලීලා
සරුංගල් හිරු එළිය
මුහුදු හඬ වෙලීලා
නිදහසේ
මහෝඝය මැවීලා
හිනාවෙයි ගල ගලා
ගලා යයි හිනැහිලා
පවුරු දොර විවරයෙන් පැනලා

නිදහසට යා නොහැකි
කො‍ටු පවුර මුදුනේ
අලි ඇතුන් මුර කරන
ගොර සපුන් විමනේ
ජිවිතේ මී බඳුන ‍රැඳුනේ
වංගගිරි මාවතේ
සොයා ගිය ජීවිතේ
මළකඳයි නිදහසයි
මගදි මුණ ගැසුනේ

ජීවිතය කියන්නේ
මරණයේ මාවතයි
නිදහසයි කියන්නේ
මාවතේ ගීතයයි

<Gunadasa Kapuge>



එපා යලි හමුවන්න
ජීවිතේ ගමන් මග
ඔබෙන් මට උරුම වූ
වේදනා කදුලු ගග
හිරු සිනාසෙන ලොවක
පැතුම් මල් දෙවැට ලග
ඔබේ ජීවන සුවද
අරන් ඈතට යන්න


සන්සාර ගමන් මග 
සෙනෙහස සොයා දිනක 
ආ ගමන නිමා කල 
ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන 
කදුලු බිදුවක පහස
ගලායයි අතීතේ 
මියඇදුනු සොහොන ලග

ඔබ මවෙත තිළිණ කල 
ඔබේ බැතිබර සුවද
මගේ මතකය වසා 
සදාකල් රැදෙනු ඇත
සන්සාරයේ යලිදු 
නවාතැන් සොයායන
මගේ මලගම දාට 
ඇවිත් යන්නට එන්න

<Sunil Edirisinghe>


හුදකලා වූ
පෙම්වතාණෙනි කියන්න
තාරුන්‍යයේ කඩඉමත් පසුවී
ඔබ ඔතැනමද
මම මෙතැනමද
හැමදාම.....

දියරළ පෙළකි ඇස
කඳුළු හිත දවනා
මහා සමුදුරක කිමිදී
සෙනෙහෙ පුරනා
‍රැයක් දවාලක් නොබලා
ඔබම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණෙනී...

සඳු හිරු මැදට
සිරවී තැවුල් විඳිනා
ඔබ අද එතැයි
හෙට එතැයි දින ගනිනා
තැනක් නිනව්වක් නැතුවා
ඔබම සෙවූ පෙම්වතියයි මා
පෙම්වතාණෙනී...

<Deepika Priyadarshani>