
සඳ දිය දෙවුන සේ
සිනහව පිපුනාම
නුඹ කොයි තරම් සුවඳද
මගෙ හිත ගාව
දෑ කුල සිරිත්
සිටි සද මග අවුරාන
හමුවී වැලපෙමුද
මෙලෙසින් හැමදාම
නෑඹුල් පැතුම්
අහසට නැග රහසේම
දිලිසෙන්නේද
පුර පස දිලි සඳ ගාව
එ හද ඇයිද
දියවක දී මුළු රෑම
දියවී ගිහින් රැඳුනේ
තරු ඇස ගාව
ළය මත පිපුණු
උණුසුම් සුසුමක සුවඳ
සෝදා හල හැකිද
ගැරහුම් රළ ගාව
කඩ ඉම ළඟ ඉඳන්වත්
නුඹ හැමදාම
මට අත වනපන්
නලියන නළ සේම
<Malani Bulathsinghala, Asanka Priyamantha>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
11 months ago

කාලෙකට පස්සේ... මතකයේ රැඳුන ගීයක්
ඔව් දයානන්ද මහත්තය...බ්ලොග් එකට වැඩිය හිත දෙන්න බැරි උනා පහුගිය කාලේ...
මමත් හුඟක් කැමති ගීතයක්.....
ආසම සින්දුවක්.ස්තූතියි See Jay..))
මේ ගීතයේ තියෙන ශෝකී රාවයට මං හරිම කැමතියි... හරිම ලස්සන සින්දුවක්...