මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි
සඳ සෙවනේ අපි
තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ තාරකාවී...
අඳුරෙන් වැසී ගියේ...
සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරෙන් ලෝකය වැසිලා
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ ආයෙ එන්නේ
වෙනදා වගේ සදා...
<Senanayaka Weraliyadda>
මට මේ සින්දුව ඇහෙන කොට කියාගන්න බැරි හැගීමක් දැනෙනවා.
so sad!
වෙරලියද්ද කියල තියෙන හොඳම සින්දුව මටනම් මේක...
මේ ගීය පටන්ගන්නේ පුංච් "ඇඩ්ලීබ්" කොටසකින්,එමේ විදියට..
"මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්රාර්ථනා"........ සංගිතය නැතුව උච්ඡ ස්වර පරාසයකින්. ඒ ටික දැනෙන්න කියනවා.
වේරලියද්දගේ ගැඹුරු හඬත්, මේ ගීයට හොඳ ආලෝකයක් .
මමත් පුදුම විදියට ආස සිංදුවක්... මට නම් දුක හිතෙනවා... ආදරේ වේදනාවෙන් කෑ ගහනවා වගෙයි මට දැනෙන්නෙ.
මාතෘකාව හැටියට තොරගෙන තියෙන කොටස අපූරුයි !
මම ගොඩක් වෙලාවට මාතෘකාව විදියට පාවිච්චි කරන්නේ ඒ සින්දුවේ මම ආසම වචන ටික... :)