හන්තානේ කඳු දණ ඇන නමදින
සිරි දළඳා හාමුදුරුවනේ
ඔබ වහන්සේ ළඟ ඉගෙන ගන්න ගිය
මගෙ දරුවා හාමුදුරුවනේ
පිරුවට අන්ඳා ඇස් දෙක පියවා
ගෙන ආවලු හාමුදුරුවනේ
දළඳා නාමෙට උත්තර දෙනවද
මතු බුදු වෙන හාමුදුරුවනේ...
ඇඳුරිඳුනේ මේ සැතපෙන දරුවා
ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන්දෝ
වනන්තරේ වැදි සෙනගට අසු වුන
මරු වැල පෑගුන කෙනෙකුන්දෝ
මේ මගේ පුතු බව අදහනු කෙලෙසද
ලෙඩකින් දුකකින් නැත පෙළුනේ
දහඩිය විකුනන හොර මැර නැති අප
අකල් මරණ ගැන නැත දන්නේ..
කාලය දීපය දේශය දන්නා
මතු බුදුවන හාමුදුරුවනේ
ධර්මය දැනගෙන එන්න ගියේ පුතු
හමුවුන නැති බව නැත දන්නේ
තුවාල සුදු රෙදි පටින් වසාගෙන
උඩුකුරු වී මේ සැතපෙන්නේ
ඒ දස ධර්මයේ ගුණ කඳ නොවේද
කියන්න දැන්වත් ඇඳුරිදුනේ....
මේ සින්දුව ගැන ලස්සන විස්තරයක් තියෙනව මෙන්න මේ ලිපියේ.ධර්මපාල නම් පියෙකුගේ ප්‍රකාශය!
<Gunadasa Kapuge>
තැන්කු මාවත් මතක් කරාට!:)
This is the first time I am hearing this song. It is amasing. Thank you very much.
samarasekara
@නුවන් : මතක් කරන්නෙ නැතුව කෝමද එච්චර හොඳ ලිපියක් ලියල තියෙද්දි.