මේ නගරය අලුත් වෙලා
වැව් දිය ‍රැළි ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
ප‍ටු මාවත් පුළුල් වෙලා

එදා අප දු‍ටු පෙම්වතුන්
වෙලා අද හොඳ පිංවතුන්
අකුරු පොත් පත් පිරුනු අත් වල
එල්ලිලා අද පොඩි පුතුන්

පෙම් කරපු තැන් පුරුදු
වසා සුවිසල් මැදුරු
පෙම්වතුන් අද සිර වෙලා
පාළු කුටිවල අඳුරු

<T.M.Jayarathna>













සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
ක්ෂිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරන් එක්වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි....

එදා අප පියමං කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි....

පහන නිවුනා පහන් පැල මත
ඒ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි....


මේ හිත තනියෙන්
නුඹ එනකන්
හිටිය තරම්
නෑ මං දන්නා
වෙන කවුරුත්
නුඹව තරම්..
ආදරයෙන්
එදා ඉදන්..

කඳුලක් ලඟ නැවතුන ඇහිපිය
දුරකට යවමින්
හුස්මත් මට අමතක කරනා
මතකය හොයමින්
ආයේ හීනේ මැද්දෙන්
ජීවිතේ අලුතෙන් ලියන තරම්...

වරුවක් ළඟ මුමුණන ඔය හිත
මගෙමද හිතමින්
තනියක් නැති දවසක් එනකන්
තව මඟ බලමින්
ආයේ හීනේ මැද්දෙන්
ආදරේ අමුණා තියෙන තරම්...

<Athma Liyanage>


රෑ අහසේ
තරු කැට පායා දිලුනා...
මා තනි වී
සිතිවිලි සයුරේ වෙලුනා...

ඔබේ සුමුදු අත මා අත් පටලා
තරු දහසක්‌ පායා ඇති දිනයක
පියමං කෙරුවා පෙර අප දෙදෙනා
තරු කැට අතරේ රැඳී දිලෙනවා
සිතට දැනෙනවා...

තරු එළියක්‌ වී දෙනෙතට වැටිලා
සඳ කිරණින් ඔබෙ මුහුණ සේදිලා
ආදරයෙන් අප පියමං කෙරු හැටි
තරුකැට මා මතකයට ගෙනෙනවා
සිතට දැනෙනවා..


<Athma Liyanage>





රෑ තාරකාවෝ
බැලුවා එබී
කිමදෝ නුවන් ඔබගේ
කඳුලින් තෙමී
ඊයේ දවාලේ
අපගේ ලොවේ
ආශා ගඟුල් යා වුණා

කඳුලැල් සලාලා
නොහඬන් ළඳේ
මමමයි කෙදා හෝ
ඔය දෑත ගන්නේ
ආශා විශාලයි ඉවසීම හීනයි
දෙදෙනා කෙනෙක් වී
බැඳුණා සිතේ

හඳුනන්නෙදෝ ඔබ
මාගේ සෙනේ
ඉවසන්නෙදෝ ඔබ
ඊයේ වගේ
හදවත කොනේ මා
කඳුලක් තියෙනවා
කිසිදාක නොසිතූ
නොපැතූ ලෙසේ

<Clarence Wijewardene>


හිතක් තිබුනා
මටත් පෙම් කරනා
හිතන්නා
ඈ මගෙම කියලා
හිතුවෙවත් නෑ
ඈ යාවියැයි හැරදා
ඉල් මහේ සඳ සේ
ඈ ගියා
මැකිලා....
කලක් තිබුනා
ඉමක් නොදකිනා
පහස සොයනා
අද වසක් විසක් සේ
දැනුනාට ඔබට මා..
මහා කඳුලක
ළතැවුල් සඟවා
පාළු අඳුරක
ගුලිව හිඳ මා
ඔබේ වදන් පිහිතුඩු
ඇන ගනිමි හැමවෙලේ...

 <Nadeeka Guruge>


සුභ ප්‍රාර්ථනා කියමන්
මා වටකර සතරදෙසින්
ගිලිහෙන මුත් මුවට මුවින්
ඔබේ මුවින් නැති පැතුමන්
මට නැත අගනේ

මා ඈ කර මාල බඳින්නේ
ඔබේ නෙත් තරු සැලී දිලින්නේ
මා ඈ ගත සළු පලඳන්නේ
ඔබේ නෙත් අග කඳුළු පිරෙන්නේ
ගිගුම් හඬින් මගුල් සිලෝ පෝරුව දෙදරයි

මධුසමයට මගට බහින්නේ
ඔබෙ නෙත් පෙර මග හමුවන්නේ
රහසින් බැඳි පෙම සිහිවන්නේ
අප මින් මතු නැත හමුවන්නේ
ඔබ අන්සතු ලඳක් කියා ඇයි මට කීවේ

<Gunadasa Kapuge>




සුසානයක නොදැවී
සිතේ තවම තනි වී
තියේ එදා ඔබ පිදූ දයාබර
සෙනෙහෙ සුවඳ නොමැකි
සුසානයක නොදැවී....

පියාගතිමි නෙතු මා
ඔබේ සිහින රඳවා
නුවන් විවර කර
සොයා බැලූ සඳ
ඔබ දුරක පියඹා
වෙන දෑසක බැඳිලා
තව හීනෙක වෙලිලා

ඔබේ සුවඳ සුවඳයි
ඔබේ මතක මතකයි
ඔබෙන් තිළින ලද
දයාවන්ත හිත
සදාතනයි සත්තයි
එදා වගේ සුවඳයි
අතීතයම සමරයි..

<Asanka Priyamantha>



බිරිඳ මගේ ඔබ..

නෑ මා ඔබගේ
බිරිඳ නොවේ
දෑඟිලි හුයකින්
බැඳි පමණින් මා
ඔබගේ බිරිඳ නොවේ...

ඔබ පෙම කල අය
ඔබට ලැබී නැත
මා පෙම් කල අය
මටද ලැබී නැත

මව්පිය නෑසිය
ආසිරි ගී මැද
දෑඟිලි පමණක්
එකට බැඳී ඇත

සිරුරින් එක තැන
හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි
එකම වහල යට

ඔබෙත් මගෙත් හද
ගැහෙනා රාවය
අපට මියෙන තුරු
හැඳිනිය හැකි වෙද

<Gunadasa Kapuge, Nanda Malini>



සිනාසෙන අපිමයි හඬන්නේ
බොළඳ කිරි දරුවන් ලෙසින්
කලල් මැඬ අපිමයි පිපෙන්නේ
සුවඳ සුදු සියපත් වෙසින්

නියඟ ඇවිලෙන අහස නොදනී
දිනෙක මහ වැසි වැටෙනවා
වැටෙන මහ වරුසාව නොදනී
දිනෙක යළි හිරු නැගෙනවා

පිපෙන මල් පරවෙලා ගිළිහෙයි
පලබරින් අතු ඉති නවා
අමාවක ඝන අඳුර පැනයයි
වඩින පුරපස සඳ බලා


<Sunil Edirisinghe>