ඔබම මාද විය
මාද ඔබම විය
සාගර වෙරළක
පිය සටහන් මත
ඔබ මා සමගින්
ගෙවූ දිනක්‌ ඇත
ඒ රන් හිරුරැස්‌
විහිදුණු මොහොතේ
ඔබම මාද විය
මාද ඔබම විය

පවසා ගන්නට
දහස්‌ වදන් ඇත
පෙන්විය නොහැකි වූ
දහස්‌ දසුන් විය
ඒ සැම මැද්දේ
සිත කය සිරවුණු
අහිංසකාවිය පමණ ද ඔබ ළඟ

ඔබමය මා සිත
ඔබමය මා ගත
සිතින්ද සිරුරෙන්ද
ඔබ තුළ හිමියනි
ඔබෙන් රකින්නට
රහස්‌ කිසිත් නැත
එවන් කලෙක මා
එපා නොකල මැන

<Malani Bulathsinghala>


මට එපා ඔබේ
හස‍රැලි බිඳක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ
දෙනුවන් කැළුම්
හද වේදනා දෙනවා..

සිහින ලොවේ මා
අද තනි වෙනවා
සිතිවිලි සයුරු තෙරේ
නුඹට කාරි නැත
මගේ දුකට මම
ගී පදවැල් ලීවේ...

මතු දිනයකදී
මාගෙන් සමුගෙන
ඔබ ඉවතට යනවා
අපේ මතකයේ
බිඳුවක් ඔබ හට
තිබුනොත් සෑහෙනවා...

<Shirly Wijyantha>