සැනසුම් සුසුමන් පාවීලා
සඳකැන් වතුරෙන් නෑවිලා
තරුමල් අතරින් රිංගාලා
කොහි යන්නෙද මා තනි කරලා

රෑ සඳ පානේ සීතල පවනේ
නාමල් අරණේ ළා දළු සෙවනේ
මා ළය කර ඔබගේ සුව යහනේ
ගෙවූ අතීතය මතකද මිහිරේ

දෑසට පෙනෙනා එකම රුවක් වෙයි
ඒ රුව මා නෙත් අංජනයයි
ජීවන ගීතේ තනුව වයන්නෙමි
ඈ එනතුරු මා තනිවීලා

<T.M.Jayarathna>



එකෝමත එක කාලෙක
නබෝ ගැබ රන් ශ්වෙත වළා
පළිඟු ගං දියේ වැටෙන තුරා
සෙල් රූ මෙන් ගල් බංකුවේ සිටියා
ගඟ අසබඩ ඒ හැන්දෑවේ
මතකද අපි දෙන්නා...

අඳුරු වන ගුහාවේ යන ගිලී
විහඟ අත්ත‍ටු රිදී රේඛාවේ
දෑස සඟවා හිටියා
ගඟ අසබඩ ඒ හැන්දෑවේ
මතකද අපි දෙන්නා..

පෙඳ පාසි බි‍ඳෙනා ගං දියේ
අඳුර මකනා සැඳෑ එළියේ
දෑස සඟවා හිටියා
ගඟ අසබඩ ඒ හැන්දෑවේ
මතකද අපි දෙන්නා..

<Nadeeka Guruge>


පාවෙලා යන්න
මට ඉඩක් දෙන්න
හීනයක් වෙන්න
මොහොතක් තනිව ඉන්න
ජීවිතේ පුරා පැතූ
සිහින බොඳ වෙන්න
පෙර ඔබ එන්න...

ආදරේ ගලා හැලෙනා
දිය ඇල්ල ඔබ වෙන්න
මා දවා ඒ ආදරේ
උනුහුම සොයා යන්න
මතකයක් පමනයි
ඉතිරි වී ඇත්තේ

<Kasun Kalhara>


ආදරයේ වේදනාව
හදට දැනුනු යම් දවසක
හුදකලාව නොතැවී යලි
එන්න මා සොයා...

දේදුනු පැහැයෙන් දිදුලන
ආදර විජිතය හැරදා
‍රැජින පලා ගිය මොහොතක
නොතැවී යලි ඈ සිහිකර
එන්න මා‍ සොයා

ජීවිතයට මිහිර තැවුල
ඔබ තුරුලට ලංවූදා
නොතැවී හිද තනියහනේ
මතක සුලං රොදක එතී
එන්න මා‍ සොයා

මෙච්චර ආදරයක් ලබන්න කොච්චර වාසනවක් තියෙන්න ඕනද මනුස්සයකුට... පුදුම තරම් ලස්සන ආදරයක්.

<Nanda Malini>



තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නගා යමු ඈත ලොවකට
නිවා ලතැවුල් ජීවිතේ.

හිරු සඳූට හා ලොවට රහසින්
සදා ගමු අපි පුංචි ලෝකය
දුකට කඳුළට පවුරු බඳිමින්
පෙමින් සරසමු එවන් ලෝකය.

ඔබේ දෙනයන කැළුම් ඇත මට
එළිය වන්නට මගේ ලෝකය
ඔබේ සිහිලැල් සුවැති සෙවණින්
නිවී සැනහෙයි මගේ ජීවය

<Sunil Edirisinghe, Malani Bulathsinghala>


සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ
රෝස කුසුමේ
සිහිනයෙන් සිහිනේ
කෝ කොහේදෝ
මා සොයන්නී
ආදරේ දුන්නේ
හමුවෙමු කවදා හෝ ආයේ
හිනැහෙමු තරහා නෑ වාගේ
මේ සැඳෑවේ කෝ කොහෙදෝ
මා සොයන්නී

<Athula Adhikari>


සියල්ල ඉදිරී ගරා වැ‍ටුන දා
ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
දැන හඳුනාගත් තනිකම නුඹටත්
මා හැර යන්නට සිදු වෙයි නැවතත්

ප්‍රේමතාපයෙන් පර මල් යහනට
තවත් ළඳක් එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා ‍රැකගත් තනිකම
මා නුඹ එලවන්නෙද කෙලෙසේ

ඇය හෙට ආවද පසුදින යාවිද
අදහනු බෑ ඇය ළඳක් නිසා
හිටපන් තනිකම මගේ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා...

<Sunil Edirisinghe>


රුවල් ඉරීගිය නෞකාවේ
නියමුවාණෙනි.....
නොගිලී දළ රළ පෙල අතරේ
මා හා යා නොහැකිය
ගොඩබිමකට
රුවල් ඉරීගිය නෞකාවේ

දෝතට එක් කල
වැසි දිය පොවමින් පවසට
ඉරුනු රුවල් රෙදි
දවටා සදමින් උණුසුම
මා ‍රැකගත් ඔබ
රැක ගත යුතු වේඅද දින
දියඹේ නවතිමි
යනුමැන පෙරමග තනිවම...

සුන්බුන් නැවු බඳ
දියබත් වී යයි හිමිහිට
අත්හල මැන දැන්
මෙතුවක් මට බැඳි සෙනෙහස
දෑස පියාගෙන
මා බිළිදී දිය ගැඹරට
ගැලවී යනු මැන
මේ විපතින් සිත දැඩිකොට

<Nanda Malini>



දෙනෝදහක්
ගැවසෙන සරසවියේ
පාළුව තනිකම
දැනෙනවනම්
කුටියේ කවුළුව
විවර කරනු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්..

ඔබ සරසවියක
මා පොඩි ගෙපැලක
එක් වන්නට අද වරම් නැතේ
එකම පන්තියේ
එක ළඟ ඉඳගෙන
පාසල් ගිය හැටි මතක තියේ...

ඔබ හා අත්වැල්
බැඳ ඇවිදින්නට
පෙරුම් පිරූ පාසල් සමයේ
සිල්ප සතර
‍රැඳුනේ නෑ මා සිත
ඒ හින්දයි අප දුරස් උනේ

<Milton Mallawarachchi>