එන්න එළියට සොඳුර දැන්
ඔබ පතා තරුමල් අවදියෙන්
සඳ ඔබට පරදින හැටි බලන්නට
එන්න සොඳුරිය දොර ඇරන්...

වැව් කුමුදු මල් දිය මත හිඳන්
පුර හඳට ළං වී සීරුවෙන්
නිල් සළු ඇඳන් වැව ‍රැළි නඟයි
රෑ කුමරියට බැඳි ප්‍රේමයෙන්
ඔබ විතරමයි අඩු මේ ‍රැයට
දැන් එන්න එළියට දොර ඇරන්...

සීතල සුළං සී පද කියයි
වැව් ඉවුර මත මදහාසයෙන්
තුරුලිය සෙමෙන් කෙහෙ‍රැළි කඩයි
මිදුම් යහන අනුරාගයෙන්
ඔබ විතරමයි අඩු මේ ‍රැයට
දැන් එන්න එළියට දොර ඇරන්...

<Kasun Kalhara>



හද පාරනා
රුදු වේදනාවන
කුරිරුවූ ලෝකෙන්
නැගෙනා පැයේ
නොසැලී හිඳින්නම්
මා සිනා දෑසින්...

තනිව නැගෙද්දි
පෙරට ඇදෙද්දී
මාවත අවුරන
ලොවක මෙසේ..
තනිවූ දෙපයින් ජීවිතයේ
බාධක දිනන්නෙමි..

පහර වදිද්දී
සැවොම රිදුම් දී
ඒ හිත හඬවන ලොවක මෙසේ
තනිවූ දෑසින් යායුතු වූ
මාවත දකින්නෙමි..

<Sunil Edirisinghe>



රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි
පෙම් ‍රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි

කිරිලිය සේ දුර පියාසලා
අත්ත‍ටු රිඳුනා පමණයි
දෑල විදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැගේ
කළුවර ඇයි විජිතයම මගේ...

කනා‍ටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ
ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ
මා හෙට දින සමුගන්නේ

<Nanda Malini>



ගතින් ඉන්නට නැතත් ළං වී
සිතින් යන්නට එපා වෙන් වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ...

ඔබෙ දෙනෙතින් ලොව දකින්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ
ඔබේ සෙවනැල්ලයි...

ඔබේ ඇසුරින් යළි උපන්නෙමි
ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ
ඔබේ හස‍රැල්ලයි...

<Chandraleka Perera>



සිත ගාව ඔබ ඉන්න
තරුවක් වෙලා
හැමදාම මම ඉන්නවා
මග බලා
දුර ඈත අර පේන
සයුරෙන් එහා
ඔබ නාවෙ ඇයි
හමන සුවඳක් වෙලා

ඒ අහසේ රෑ සිතලේ
ගුලි වෙලා
තරු පිපුන නිල් අහසෙ
නුඹ පායලා
නිරතුරුව ඉඟි පානවා
සැරසිලා
ලඟ ඉන්න පැතුමන්
නැතෙ තනිවෙලා

මගේ සිහිනෙ තරු අතරේ
සෙවුවේ ඔයා
කිම හැඟුනේ සිතක
රිදවුම් මවා
සඳ මඬලේ නොපෙනෙන්න
සිතුවම් වෙලා
මට ඉන්න ඉඩ දෙන්න
සුසුමක් වෙලා..


<Prasanga Thesera>


මල්ලියනේ
ඇයිද මෙසේ මිය යන්නේ
මල්ලියනේ...ඇයිද සෙමින් මිය යන්නේ
නිල් රතු කහ දම් පාටින් බොඳ වුන
සැලෙන වැනෙන පොල් මල් වැනි
සෙවනැලි
‍රැකගෙන ඉන්න සේ
බිළිගන්නට ඔබෙ ජීවේ
මල්ලියනේ...
ඇයිද මෙසේ මිය යන්නේ

සංගීත කලා ක්‍රිඩා මත වැජඹුන
පාසල් කල සිට ඔබෙ මිතුරන්
ඉවත දමා අද
තාච්චි බට ඉටිපන්දම් කිට්‍ටු කරන්
අදිනා විට උඹ නාහෙට ඔය විස
හඬනා හදවත් හැරිල බලන්
විඳිනා දුක් අම්මා පවුලේ සැම
බලන්න බෑ හද පැලෙන තරම්

හත් පෙති කොළ උරලා
ඇරඹූ දිවි ඇබ්බැහි වී
මත් ලෝලි වෙලා
බිත්ති දිගේ බඩගානව
හිරගේ යකඩ කූඩු තුල
මට්‍ටු වෙලා

අදිනා දුම් උගුරේ
මරු විස ලේ
ගසනා ක‍ටු තුල
ඇති මරණේ
‍රැවටෙන්න එපා
මල්ලියේ මාගේ
බිළිදෙන්න එපා
වටිනා ජීවේ..

පෙරදා තිබු ඒ කෙළිලොල් මුහුනේ
හො‍ටු කබ කඳුලින් කිළු‍ටුව වැනසේ
ජේත්තු විලාසිත හැඩ එකලේ
කඩමළු වැරහිලි වී මෙකලේ
ඊයම් කොළයේ උයනා පිහනා
විසකුරු මරුවා අදිනු එපා
ආදරෙයෙන් නුඹ හැදු වැඩු මා පිය
දෙදෙනා අකලේ මරනු එපා...

<Jaya Sri>



දිනෙක හිරු බැස
යන වෙලාවක
සයුරු වෙරළක
හුදකලාවෙක
කල්පනාවේ
සිටින මොහොතක
මතක් විය
සිතිවිලි අතීතෙක..

සයුර මා විය
අහස ඔබ විය
දෙදෙන යා කල
ක්ෂිතජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව
අප ගැන සිතූ හැටි

සයුර මා විය
අහස ඔබ විය
දෙනෙත ‍රැව‍ටු
ක්ෂිතජයක් විය
කී කථාවේ අරුත වැටහින
අහස සමුදුර එකතු වී යැයි

<Victor Rathnayaka>



කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කලෙමි හදේ තිබුනු ආදරයයි කරුණාවයි
කාටවත් නොදී

විරහ වේදනා වින්දා
ඇසුවෙමි අවමන් නින්දා
ආදරයත් කරුණාවත්
හදේ දරා සිටි හන්දා..

කුරුළු ගීත මට ඇසුනා
ගහේ කොළේ මල් පිපුනා
ළඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් ලැබුණා...

<Victor Rathnayaka>


කලා වැව හි‍ඳෙනවා
ආයෙමත් පිරෙනව
මගේ හිත බි‍ඳෙනවා
ආයෙමත් හැදෙනවා

හිඳුන වැව් පතුලේ
ක‍ටු කොහොළු පෙනෙනවා
රිඳුන හිත් මඬලේ
සෝසුම් දැවෙනවා

පිරුන වැවි ජලයේ
සුදු නෙළුම් සරනවා
හැදුන හිත් මඬලේ
පෙම් සුවඳ දැනෙනවා

<Amarasiri Peiris>



මට දෙන්න මට දෙන්න
මොහොතකට මට දෙන්න
ඔබේ ඇස් යට නටන
පාට බිඳුවක් දෙන්න

දෙතොල් පෙති හැඩ කරන
සිනා රේඛා මවන
කැඩපතක මගෙ රුව
මොහොතකට දකින්නට
කඳුළු බිඳු සඟවගෙන
දුක දැරූ අම්මාව
දෙනෙත් මත තුරුළු කර
එක වරක් සිප ගන්න

ගී කියන විහඟුන්ට
රොන් උරන බඹරුන්ට
රහසේම මම සොයමි
මල් පාට වූ අරුම
වැහි ඉහින අහස මත
බර දරන පොළව උඩ
මගෙ හීන තබා යමි
තවත් දවසක එන්න

<Mekala Gamage>

ත‍ටු ඇවිල්ලා

ඔබ ඔහේ යනවා
කොහොම කිවුවත් නවත්වන්නට බෑ
ප්‍රේම ආලින්දයේ
එන්න නවතිමු 
පය ගසාගෙන 
මේ සොඳුරු පොළොවේ..

කෙසේ නම් මම නවත්වන්නද
මල් රේණු රේණු සැලෙනා
හිවුඩු පිපෙනා
පැතුම් පුරනා
අහස යට ඔබ පාවී යන්නා
තෙත සිඳුනු බොල් 
හීන සුළඟ දිගේ

නෙළූ පලවැල මග දමන්නද
දෙපා උඩුකුරු හිසින් බිම හිඳිනා
කුරුළු බිලිඳු
හෙලන කඳුලු
මහමෙරක් යට
තනිව මා උන්නා

<Amarasiri Peiris>


එදා වාගේ අදත්
පොද වැස්ස වැටෙනවා
මල් පිපුණු ගහ ගාව
තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ළඟින් නැති
අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි
මගෙ කවිය ලියනවා...

දුක පිරුණ මගේ හිත
නුඹ හොඳට දන්නවා
හිත හදපු නුඹේ හඬ
මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිණි දුක්
පැණි රසයි සිතෙනවා
මම තවම මට අහිමි
මගෙ කවිය ලියනවා...

අනාගත වාළුකා කතර
මැද තනිවෙලා
කෙසේ පා ඔසවම්ද
සා පවස විඳ දරා
පුරපසක නොවී නුඹ
අවපසක සඳ උනා
මම තවම මට අහිමි
මගෙ කවිය ලියනවා...

<Somathilaka Jayamaha>


ජීවිතේ වස්සනායේ
හමුවුණේ ඔබ
මලක් සේමය වසන්තේ
ජීවිතේ ගිම්හානයේ
බැස ගියේ ඔබ
සඳක් සේමයි අනන්තේ
ජීවිතේ..

වෙලී සියොළඟ සුසුම සේ හිඳ එදා
අප තැබූ තැන ඇත තාම ඉර හඳ තාරකා
වෙනස් වී නැත ලෝකයා
වෙනස් වූයේ ඔබේ නොවෙනස්
ඒ සදාතන ප්‍රේමයයි....

ගිලී සිඳු තෙර දැවී ගිය ලොව නිවා
හිරු සිතේ උණුසුම නෙතේ කඳුළින් සේදුවා
නිමා වූවද ආදරේ
නිමා වී නැත ඒ නමින් ලද
වේදනාවන් හදවතේ....

<Rohan Shantha Bulegoda>


I'm nobody! Who are you?
Are you nobody, too?
Then there's a pair of us -- don't tell!
They'd banish us, you know.

How dreary to be somebody!
How public, like a frog
To tell your name the livelong day
To an admiring bog!


ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ
විඳගන්න ඒ සිසිල මා සිත් සේ
මට දෙන්න ඒ වරම
කවදාද ඔබ එන්නෙ
පිනි බින්ඳු මල් වැහි අරන්..
සඳ මිතුරි
සිත මිහිරි කල මැනවි
බිඳු කඳුළු
පිනි පොකුරු කල මැනවි

මට මමම වී ඉන්න
ලෝකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපිම අපි වී ඉතින්
නව ලොවට මුල් අනු දෙන්න
මිල නොවන පෙම් කවිය පබඳින්න
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දළුලන්න මිහිකත මතින්
සිහිනේ සනහා කිරනින් දැවෙනා...

ජීවිතය විඳගන්න ලෝකෙන් ඉඩක් නොදෙන
ඇතට වෙලා තෙමෙමු
පිනි වැහි පොදෙන්
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
නිල නොවන ජීවිතය පුබුදන්න
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දළුලන්න මිහිකත මතින්
සිහිනේ සනහා කිරනින් දැවෙනා...

<Kasun Kalhara>


රෝස මලට කියනවාද
මා මියගිය බව
කියන්නෙපා
රෝස ගහේ ක‍ටු විස වුන වග

මල වටකර ක‍ටු සැදුනේ
පෙති රකින්නම්
තරහ ගන්නෙ කොහොමද
අතු ඉතිත් එක්ක මං

මගෙ සොහොනට ආවොත්
ඈ අවසර විගසින්
කියන්න මං පෙම් කල බව
රෝස ගහ තරම්

<Krishantha Erandaka>



අප හමුවූවත්
නොවුනත්
කාලය ගත වී යනවා
අප තනිවූවත්
නොවුනත්
ලොව එක සේ පවතිනවා

ලොව මල් පිබිදෙන්නේ
යළි පරවෙන්නටනම්
අප හදවත් එක්වෙන්නෙත්
වෙන්වන්නටනම්..
යළි වෙන්වන්නටනම්....

පෙරුම්පුරා හමු වන්නෙත්
දිගු කලකින්නම්
හමුවූවත් යළි සැනකින්
වෙන්වී යයිනම්
අප යළි තනිවේනම්..

<T.M.Jayarathna>


සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්

අද ඔබ නැති බිම තනිවී
සිත දවනා අඳුරු හැඟුම්
ඉවසන්නම් කවදා හෝ
ඔබ හිමි වේනම්

අද තනි යහනක වැතිරි
‍රැය නොනිදා නැගෙන සුසුම්
විඳ ගන්නම් කවදා හෝ
ඔබ ළං වේනම්..

<T.M.Jayarathna>



මලක් උනේ ඇයී නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්..
විලක් උනේ ඇයී නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්..

පහන් තාරකාවක් සේ
ජීවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින්

කියන්න....

සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුණනු කෙලෙසින්

කියන්න......

<Amarasiri Peiris>


සිතින් මා නොසැලි හිඳිද්දී
කඳුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනු මැනවී..

තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලි සීතේ
වැ‍ටුන මහ වරුසා මතක් වේ
නුඹ ‍රැඳි දෑසේ..

තවම මා නොදු‍ටු සිනා කැන්
හමු නොවු යාමේ
කඳුළ මට කරුණා කරන්නැයි
අයදිමි නිබඳේ..

<T.M.Jayarathna>



ඔබයි රම්‍ය සඳ කිරණ
ඝන අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ

සදානන්ද කරවු
ඔබේ මධුර රාවෙන
පිපී යාවි 
අරවින්දයක් සේ තඩාගෙ

ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය, දැන් මගෙ පරමාර්ථය ඔබය, මගේ පරමාදර්ශය ඔබය, මගේ ඒකායන ප්‍රාර්ථනයද ඔබය

උදාවු සුපෙම් දම්
මුසුන් වී ‍රැඳේවා
මගේ පුංචි ලෝකේ
තැවුල් දුක් නොවේවා

ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කෙලෙහිය..,දැන් මගේ අතීතය ඔබය,මගෙ වර්තමානය ඔබය, මගේ උත්තරීතර අනාගතයද ඔබය..
<Nanda Malini>


පෙම් කවක් ලියනවා මම ආයේ
මල් ගහක් ගහක් ගානේ
නුඹ ටිකක් නතර වී
බැලුවෝතින් හමු වේවි
හිත මාගේ....

අතු අගට මල් පලන්දා
මග බලනවදෝ මන්දා
බිඟු මාවතේ
සුවඳක් වෙලා
ඔබ ඈත එන හින්දා..

ඹබරුන් කැකුලින් විමසූ
රහසකි කිසිවෙකු නොඇසු
මා කවක් ලියා නැත
නමකි ලියු..
ඒ ඔබෙ නම මා සැනසූ..

<Kithsiri Jayasekara>




සේද සිහින සුදු
දුන්හිඳ නුඹ
උස සීත නමුණුකුල
ගිරිහිස මම
මූණ බලාගෙන මේ විදියට
මතු ජාති ජාතියෙත් උපදින්නද...

නීල නුවන් නිල් තරු එළියට
පෙම් ගීත ගයන
මළහිරුදෝ මම
පාරමිතාවෙන් යළි උපදින
බැස යන්නද
ජීවිත පියගැට පෙළ

මාළිඟාව ළඟ පය පාමුල
සුදු නෙළුමද මම
සඳකඩ පහනක
නාද නගන සඳ සඳළුව මත
හිමි පාද සලඹ
ගීයට පෙම් බැඳ..

<Gunadasa Kapuge>


අපි කතා නොකරමු ඉමු
හිනා නොවි ඉමු ටික දවසක්
අපි දැසින් දෑසට ළංව බලන් ඉමු
එක මොහොතක්
කල්පයක් සේ දැනේවී...

අපි කතා නොකර හිඳිනා
ටික දවසට
මල් පිපී පරව යන අරුමේ
නුඹෙ හිනා දකින්නට
මල් පුසුඹ දිගේ
කෙලෙසද නැවිත් ඉන්නේ

අපි ළංව බලන් ඉඳිනා
එක මොහොතට
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ
මල් පුසුඹ සිඹින්නට මා නෙළු මලේ
මා කෙලෙසද නෑවිත් ඉන්නේ

<Janaka Wickramasinghe>



මං මුලා වී
පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වු සමනලියකගෙනි
පාර අසා තිබුනේ

ඇයත් නොදන්නිය
ඇය යන මානය
උන්හිටි තැන්
මතකයේ අඩමානය
පාර කියන්නේ
කෙලෙසද මා හට
ඇයටද පාරක්
ඇති නැති ගානය

අප හමුවූයේ
මන්දැයි නොදනිමි
පාර ඇසූවේ
ඇයි දැයි නොකියමි
අපේ ගමන අද
නවතනු හැකි නම්
අප යන ගමනද
අද මෙතැනින් නිමි

<Gunadasa Kapuge>


ඔබට වරම් නැති
මටද වරම් නැති
සෙනෙහසක කොතැනද
සැඟව ගියේ
ඉවත ගලා ගිය
කඳුලක දිය වී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ

ඔහුට පුදන්නට
පූජාසනයේ
නොකිලිටි මල් පිපුනිද
ළඳුනේ
පෙති ගිලිහි ගී
පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද
‍රැඳුනේ

ආ මඟ වැරදී
ඔහුද ඔබද මා
දෛවයේ තුන් මංසල හමුවේ
බලා හිඳිනු මිස
හඬා වැටෙන්නට
කඳුලක් නැහැ දෙනුවණ
පිපුනේ...

<Karunarathna Diwulgane>


නින්ද නැති ‍රැයේ
සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නේ ඇයිද
ප්‍රථම ප්‍රේමයේ..
තාරුකා දියේ ගිලී
නිල් එළිය නිවේ
වැහි බිංඳු වැටේවි
රෝස පෙති කඩා හැලේ...

කිලිපොලා සැලී යමින්
නොහිම් සීතලේ
තුරුලු වෙමි දෙනෙත් පියා
ඔබගෙ උනුසුමේ..
ජීවිතය ඉතින් අපේ
සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී
යා යුතුව තිබේ..

‍රැය ගෙවේ
සඳත් නිවේ
දුරයි ජීවිතේ..
ඉතින් අවසරයි මගේ
පුන්චි කුමරියේ
ක‍ටු වලට දෙතොල් තියා
මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි
සොඳුර ඒ මගේ..
         
<Gunadasa Kapuge>



සුළඟ නුඹ වගේ
සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන්
යන්නටම හදයි
වැස්ස නුඹ වගේ
සිත් මලට ඇද වැටේ
මලේ පාට නොසේදීම
පුදුමයක් තමයි...

සිත හැඳිනුවෙත් නුඹයි
පසු පසම එලව එලවා විත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි..

සිත තනිකලෙත් නුඹයි
මගෙ හිතේ සියුම් තැන් සොය සොය
රිදෙවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ
පුදුමයක් තමයි...

දහස් වතාවක් අහල ඇති මේක..ඒත් අදටත් එදා ඇහුව වගෙම ලස්සනයි රසයි..,

<Karunarathna Diwulgane>


මග බලා හිඳිමි මා
එනතුරා යළි සිහිනෙයෙන්වත්
හිත හදා ගනිමි මා
නෙතු පිරෙන තුරු කඳුලකින්
දුක සේ ගෙවමි
මේ කෙටි කලත්
රහසේ මියෙමි මා
ඔබ පැතුම එයනම්

කිළිටි අඳුරේ
එරී සිරවි
සියලු දේ නැති වී
සිළිටි සිරුරේ
සුවඳ වියැකි
දෙලොවකට මැදි වී
හැඬුමන් හදේ
සුසුමන්
හසුරමින් ගිය ඒ ඔබදෝ මේ
අද මෙසේ ගිලිහී
වෙන් වී ගියේ
දුරස් වී විගසින්

<Nadeeka Jayawardhena>