සක්මන් සඳ ඉක්මන් කර පෝය දාට එයි
ගොම්මන් හිත පහන් එළිය පිළිඹඳ හිතමයි
ළං වෙන්නට විදියක් නෑ හිතෙන් විතරමයි
සුවඳක් මිස ඔබ ළඟ නෑ හීනයක් වගෙයි

නින්දයාය පුරා දුවන කන්දේ හෙවණැලි
දුවනවා වගෙයි නුඹ ගැන මගේ සිතිවිලි
නාන තොටෙ ඔමරි මැදින් දෑස මුණ ගැසෙයි
යන්න බයයි ඒ දණ්ඩෙන් හිතත් කලබලයි

බිංදු පොදට පිල් කඩේට මං දුව එන්නම්
පිල්කඩේ ටිකක් ඉඳලා ඇතුලට එන්නම්
සද්ද නොකර හිටියෝතින් ඉද්ද ගැසූ මෙන්
දෙතොලේ සුසුමක් තියලා ආපසු යන්නම්

<Amarasiri Peiris>

ඉපල් රිකිලි සුළං
විඳිනා උයන් තුරු සෙවනේ
කඩා හැලෙනා කඳුළු වස්සානේ
ඉති අගින් හමා ගිය
අවසාන ???????
ඔබ ආයෙත් එනවා එනවාමයි
වසන්තය යළිත් එනවාමයි
ගහකොළ මල් දළුලනවාමයි
ඔබ ආයෙත් එනවා එනවාමයි

ආයෙත් සිනාසෙන කාලයක්
හීන දකිනා කාලයක්
සුවඳ ඉඹිනා කාලයක්
එනවාමයි
ඔබ ආයෙත් එනවා එනවාමයි

මේ මග බලන නෙත් දෙක නිවා
විඳගන්න උදයේ හවා
අවසාන සුසුමට කලින්
වස්සාන පුසුඹුත් අරන්
ඔබ ආයෙත් එනවා එනවාමයි
වසන්තය යළිත් එනවාමයි
ගහකොළ මල් දළුලනවාමයි
ඔබ ආයෙත් එනවා එනවාමයි

<Kithsiri Jayasekara>

ඔබ එදා නම් සඳ වගේමැයි
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේ යයි තව මට සිතෙයි
ඔබ දමා යන්නට සිත කියයි
ඔබ එදා නම් සඳ වගේමැයි

නෙතේ නෑ ආදර බැලුම්
කොහි සැඟවුනාදෝ නෙත් කැළුම්
ඔබේ ලෝකය නොවේ මගෙ ලොව
මැකී යයි ආදර හැඟුම්
ඔබ එදා නම් සඳ වගේමැයි

පි‍ටු පුරා පෙම් කවි ලියූ
සිත ගොළු වුනේ ඇයි රස මැවූ
නොදන්නෙමි වැරදුනේ කොතැනද
දෛවයද මේ අප පැතූ..

<Amarasiri Peiris>


ඔබේ සිනා ලඟ නෙත නැවතුන දා
ඔබේ කතා ලඟ සිත නැවතුන දා
ප්‍රේමය හැඳින්නෙමි
මේ ලෝ තලයේ....

කුමටද උපමා
ඉතිහාසේ සිටි
ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරදීසෙන්
ඉමක් කොනක් නැති
ආකසේ තරු පායා එන සේමා
ඉමක් නිමක් නැත
පෙම් හදවත් තුල
පෙම් සිතිවිලි බෝමා...

<Jagath Wickramasinghe>

පිනි වැස්ස සැපයි
ගිනි අවුව දුකයි
දන්නේ බොල් සුළඟ තමයි
මුර මැස්ස කැපයි
නිදි සුව අකැපයි
ඉන්නේ සීරුවෙන් තමයි

සෙබළාණනේ සංග්‍රාමයේ
ජය පැරදුම දෙකම එකයි
සුහදානනේ සුභ සාමයේ
තීරකයා ඔබම තමයි

තුන්යම හිටගෙන සමහරවිට එක පිම්මේ
වෙඩිසර ඇවිදින් දුක සැප විමසයි හැල්මේ
කියවෙන රණ ගී මද නල පමණයි දන්නේ
කඳුලින් හිනැහී සටනේ උණුසුම ‍රැක ගන්නේ..

රුධිරය පුදා දිරියෙන් දිරි ලැබ ගන්න
සතුරන් පරදා නිරතුරු දිවි ‍රැකගන්න
ඉදිරියටම තැබු පය පස්සට යළි නොගන්න
රස්සවට ආවත් නොබියව යුද්ද කරන්න....

<Senanayaka Weraliyadda>

රාත්‍රිය උදාවුනා
රාත්‍රිය උදාවුනා
නින්ද ඇයි නොඑන්නේ.

ඔබ හමුවු දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි
නොවි නිදි දැහැන්.

ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින්
සිත තැවුල් මවාලයි
පුරා රැය නිතින්......


<T.M.Jayarathna>



හෙට අලුත් අළුයමක්
වෙන කවරදාකටත් වඩා
මිහිමත මල් පිපෙන දවසක්
පුන්චි කුමාරියක්
හිරිමල් හිනා අරන්
මග බලා ඉන්න බවට
දුන් නිසා
පොරොන්දුවක්...

ඉරත් හැංගිලා
බලා හිඳී
වළා කඳු යටින්
ළා හිරු කදම්භයක් හෙළා
අප හමුවීම කරන්න
ආලෝකමත්...

සුළඟ ගල් ගැහී
හමා නොයේ
ඈත කඳු පෙතින්
ලා පත් අහුරක් විසුරුවා
අප හමුවීම කරන්න
අසිරිමත්...

<Kasun Kalhara>


සුසුම් පොදක් වී
හදේ ලැගුම් ගෙන නුඹ පෙරදා
ජීවිතයම ලෙස
සිතූ සෙනේහය ගෙන ගියේ
ම්ට නොකියා
මගේ සරා සඳ
හදේ ලැගුම් ගෙන
නුඹ කොහිදැයි සිතුනා..

මේ කුළු සේ විත්
නිල් අහසේ ‍රැඳි
ගිම් කල නිමවා
හදට රහසේ වැදි
මන කුමුදු විලේ පිපුනු
සුවඳ කුසුම් නුඹ සොඳුරු
මටත් හොර නුඹ තියා ගිහින්
නෙත කඳුළු..

දිගත හමා යන මද පවනක් වී
රෑ කල සිහිනෙක හද තුල සැඟවී
මුදු කැළුම් සලා දිගැසින්
‍රැය පුරා ගෙනෙ සරදම්
නුඹේ අකීකරු හිතින් නොවේ
මට අස්වැසුම්...

<Kasun Kalhara>


සොඳුර නුඹ ලිහිණියක
‍රැයේ අඳුරට හඬන
මමද ලිහිණියකු වෙමි
කැඩුනු ත‍ටු පිරිමදින

අහිංසක අප දෙදෙන
ත‍ටු කඩා මේ ලෙසින
සිඳී ගිය ගඟ දෑල
හැර දැමූයේ කවුද
සඳට දොස් නොකියන්න,
සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ
ප්‍රේමයකි තරු එළිය..

ක‍ටුක දුක් විරහ මැද
අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු
අපේ ජීවිත වලට
කියා දෙමු පියඹන්ට
අපි අපේ පැටවුන්ට
නිදහසේ ත‍ටු ලැබුන
කුරල්ලන් වී දිනක..

<Gunadasa Kapuge>

කියන්නට බැරි තරම්
ඔබට ආදරෙයි මං
දරන්නට බැරි තරම්
දුක වාවන්නට බෑ දැන්
ඔබ ඇයි කුරිරු මේ තරම්
සිතක් නැති කෙනෙකු මෙන්
මා හෙලනා මේ සුසුම්
ඔබට දැනෙනවානම්
මා සොයා යළි ඇවිත්
සිප ගන්නකෝ මා දෙතොල්..

මතකේ හස‍රැල් නැගෙන ‍රැයේ
දෙනෙතින් කඳුළැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ
ඔබ මා හැර දා ඇයිද ගියේ

ඔබ ඇයි අන්සතු උනේ
ඔබ ඇයි මා හැර ගියේ
පූජනීයයි ආදරේ
ඔබ එය නොදනී ප්‍රියේ
දිවි ඇති තෙක් මේ භවේ
ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ
රුව සදා ඇඳී තිබේ

සිතකින් නොව අප දමා ගියේ
ඔබ ගැන සිහි වෙයි හැම මොහොතේ
දුක පමණයි මට උරුම උනේ
සමා වෙන්න කුමරාණෙනී

ඔබ හා මා යළි හමු වේනම්
ජීවිතයම ඔබ හට දෙන්නම්
ඔබගේ සුසුමන් තුල ගිලිහී
ඔබගේ තුරුලේ මිය යන්නම්...

<Dushyanth Weeraman>


බොල් වී අහුරු
වෙල් හුළඟේ ගිය සේම
දීගෙක ගිහින් නුඹ
මටවත් නොකියාම

දම් පැහැ කහට
කජු පුහුලන් පිපි කාලේ
රංචුව ගැහුනු හැටි
මතකද අපි බාලේ
මල්වර වී නුඹ
ඉඳහිට දු‍ටු වේලේ
බැරිවුනි කියාගන්නට
හිත බැඳි ආලේ

නෑ තුන් හිතකවත්
අමනාපයක් නගේ
මේ අපි පෙරත් ජාතියේ
පැතු ලෙසයි නගේ
පිටගං ගොහින්
මා අමතක උනත් නගේ
අතමිට සරුව
නුඹ යහතින් ඉදින් නගේ

<Amaradewa>

වේදිකාවේ
අසුනකට බර වී
දහසක් නෙතු අතරේ
අතරම්ං වී
ආදරේ කියා දෙන්න බෑ
රෝමියෝ....

ශිෂ්ටාචාරේ මානවයා හා
ශිෂ්ටාචාරේ ගැහැණි
එක් වෙලා
අනාගතේ ඉතිහාසය ගොඩනගනා  දා
වැගිරෙයි දිය වී
ආදරේ
රෝමියෝ.....

දෙතොලේ නුඹෙ ‍රැඳී
දහසක චුම්භන පිසදා
කොපුලේ ඇගෙ තැවරුණු
දහසක ඛේටය පිසදා
සිපගනිම් දහසකුත්
පළමු නැවුම් චුම්භනයෙන්
ගොඩගනිම් ආයෙමත්
මැද ඉදන් ජීවිතේ
රෝමියෝ....

<Nadeeka Guruge>


සපුමල් සුවඳ වගේ
හොරෙන් හොරෙන් හොරෙන් ඇවිදින්
මේ පාළු රෑ යාමේ
හෙමින් හෙමින් හෙමින් හෙමින් ඇවිදින්...

පිය නගමු අපි
තරු හිනැහෙන හෝරාවේ
බොහෝ ගිනි ඇවිලි
හාදු පිපෙනා
නුඹෙ වත මඬලේ
අප හැඬු තරම් ලොව
නැහ දන්නේ
සඳ බලා හිඳි
අපේ සුසුම් ඉවසනු බැරි වී

සඳ අහිංසකයි නොවැ
අපි වාගේ
හෙමින් හෙමින් හෙමින් ඇවිදින්...
පිය නගමු අපි
හදේ හිරු ඇහරී
ගිනි බිඳී ලොව
කලඹවා රහසේ
ක‍ටු වැටට උඩින් පියනගමු අපි
සත් සියක් අරවින්ද හිනැහේවි

<Amarasiri Peiris>


තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතන  ඉන්නවා...

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණි
තනි තරුවේ.....

මහද අරණේ ලතැවි ලතැවි
‍රැදෙනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ.....

<Victor Rathnayaka>




මීදුම් දුමාරයේ
සීත හැන්දෑ යාමේ
සිහින ඇන්ඳ සානුවේ
ආශා නැතිද..
මාත් එක්ක තනිව ඉන්න
කොළ පාට හැලුණු ඈත නිම්නයේ

නිශා නින්දා හැර ආ
මල් බිඟුන්ටත් හොරා
ආශා නැතිද
මාත් එක්ක තනිව ඉන්න
කොළ පාට හැලුණු ඈත නිම්නයේ

වළාවකින් හැඩ දමා
කූඩාරමක් එහි තනා
ආශා නැතිද
මාත් එක්ක තනිව ඉන්න
කොළ පාට හැලුණු ඈත නිම්නයේ

<Kasun Kalhara>


ඔබ පිපුණා
මගෙ නෙත් රිදෙන මානේ
ඔබ සැලුනා
මගෙ සුසුම් වැල් ගානේ
ඔබ දිලුනා
මේ තරු වැරූ අහසේ
ඔබ ‍රැඳුනා
මගේ සොඳුරු සිහිනේ
ඔබ පිපුණා....

ආදරෙයි මං
මේ දකින සිහිනෙට
හතර වට මල් පිපෙන
මේ සිහිනෙට
නෙලා ඒ මල්
සිඹින මේ සිහිනෙට
මටම මා ‍රැවටෙනා සිහිනෙට

ඇසෙන්නේ මේ
ඔබ මුමුණනා වදනයි
දැනෙන්නේ මේ
ඔබ එවූ මද පවනයි
වෙලෙන්නේ මා වටා
ඔබේ මුදු දෑතයි
සැලෙන්නේ සිත
අවදිවේවියයි බියටයි

<Kasun Kalhara>


අපි ආයෙත් හමු නොවූනනම්
ඉස්සර දවසක මියගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවූනනම්

ඔබ නාඳුනනා විරහ වේදනා
පෙරදා වින්ඳේ මා පමණයි
හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
අදත් විඳින්නේ මා පමණයි

සමුගන්නට නම් අහිමි ආදරෙන
ආයෙත් ඇයි අප හමු වන්නේ
ආදරයේ කඳුළින් මිය යන්නද
ජීවිත ඉරණම විස‍ඳෙන්නේ

<Somathilaka Jayamaha>

කොලොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙදෙනා..
බලන් කැඩපත සොඳුරියේ..

කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා..

පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ඳ ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නර කෙසක් නැඟිලා..

<Amaradewa>


ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ
සඳ එළියේ මංපෙත පාදා
රහසක් සඟවා ගොළුවු හදකින්
යන්න ගියා මැකිලා

යළි කවදාවත් හමු නොවෙනා බව
මද පවනක් හිස අතගා කීවද
අදහාගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොයෙතැයි ගිම්හානෙට පෙර

අදහාගන්න බැහැ තවම ඔබ එන්නෙ නැති බව ජීවිතයේ වසන්තය ගෙවී, ගිම්හානය පැමිනෙන්ට පෙර...

<Amarasiri Peiris>

සොඳුරු අතීතයේ
නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇති
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමු වෙන්න ඇති

කඳුළු සුසුම් මැද
සතු‍ටු සිනා මැද
භවය පුරා ළඟ ඉන්න ඇති
එදත් මගේ සිත අද මෙන් කැප වී
ඔබෙ නමට පුද දෙන්න ඇති

නොසැලී නොතැවී
බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇති
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමු වෙන්න ඇති

<T.M.Jayarathna>

මට පෙනෙන් නැහැ කොහෙද ඉර සඳ
පියවි ලෝකෙන් මිලින වුවද
තනිවෙලා , අද තනිවෙලා
කොහෙද ඔබ කොහෙද මා
පැතුම් ලෝකේ තනි වෙලා...

මතකයක් කියලා දෙයක් ඇයි
මිනිස් සිතකට පහල වුයේ
ගෙවෙන මොහොතක් යලිත් කුමටද
හද දවන්නට නැවත ආවේ
තනිවෙලා , අද තනිවෙලා
කොහෙද ඔබ කොහෙද මා
පැතුම් ලෝකේ තනි වෙලා...

<Clarence Wijewardene>

උදා ඉරක් සේ පායා හිත පුරා
සදා විඳින්නම් ආදරයේ නුරා
සර සඳක් සේ ආලේ ඇති තුරා
ඉතින් හිදින්නම් ඒ ආත්මය පුරා..

මහදේ
දිවුරා
නුඹ මාගෙ තුරුලට උනා
රහසේ
දැනෙනා
ආදරය උතුරා ගියා..

අඳුරේ දෙනෙත් අඳුරෙන් වෙලි
ඔහේ අපි බලා උන් හැටි
පහසේ ඔබේ පහසේ ඇලි
මා රෑ පුරා නිදි වරා උන් හැටි

තුරුලේ නුඹේ තුරුලේ වෙලී
සැමදා ඉන්න මා පැතු හැටි
රහසේ දෙනෙත රහසේ තෙමි
ඒ සිහිනේ බොඳවෙලා ගිය හැටි..

<Dhammika Edirisinghe>



මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවසි ඔබ හට මා දකින්නට

වසර ගණනක යොදුන් ගණනක
ගමන් මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
මනින්නට ඔබ උගෙන නැත තව

මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ, ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් ‍රැඳි වග
එහෙත් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
මනින්නට ඔබ උගෙන නැත තව

<Sunil Edirisinghe>

පිලේ පහන නිවුවා මං
ගොම්මන් අඳුරේ
තනිකම වරෙන් ඉඳිකඩ පැන
මං නිදි පැදුරේ

පෑලවියේ හීතල හඳ
ඇවිත් මගේ තනි රකින්න
දොළේ හඬට උණ පඳුරේ
වැනියන් මට බලා ඉන්න
කාගෙත් දුකට හූමිටිලන
උලලේනො හඬා යන්න
මගේ තනිය ළඟට වරෙන්
තුරුලු වෙලා නිදා ගන්න..

කාටත් එකට උණුහුම දෙන
ඉර පිපුනේ හිරිමාවක
මගේ සතුට පෑල දොරින්
යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුසුඹ ඉහෙයි
පිපී සුසුම් මල් යායක
හිතේ දුකට දෑස හඬයි
කඳුළු හලා ගංගාවක...

<Sunil Edirisinghe>

පියමන් කෙරුවෙමු
මහ වේ මැද්දෙන්
පෙම්බස් දෙඩුවෙමු
උයන් කොනක හිඳ
ශිල්ප උගත්තෙමු
නැණ ලැබ ගත්තෙමු
දෙපා වාරු නැත
ඔබ හැර යන්නට...

නිල් තණ පලසෙහි ගැ‍ටුන දෙපාවයි
කෝල හැඟුම් කෙලිකවට සිනාවයි
මල් නැ‍ටුමයි කළගෙඩි නැ‍ටුමයි
මගේ දෑස තුල යළිත් ඇඳේවිද..

නෙත කඳුලින් හසකැණින් මුවා කල
සොඳුරු පැතුම් පුරවා මනමත් කල
මගෙ කෙළිලොල් විය ගෙවුනු වගයි
මා හැදු පාසල් මවුනු දයාදර..

<Somathilaka Jayamaha>

සේයාවක් වත් අද තුල මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවෙ කෙසේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ

හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
නිවුණා ලෝකේ දැවුනා
ඔබ නිමැවු සිහිනේ බිඳුනා

කඳුළැල්ලක්වත් නෙත තුල මා නො‍රැදෙන සේ
මාගෙ ලොව ගිනි දැවෙනා යළි නොනිවෙන සේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ

නිමේෂයක් විය අපේ ලෝකේ
සමනලයින් සේ පියැඹුවත් එදා
චපල හැඟුම් ඔබ මා දැවුයේ
මායාවේ නැ යළි මා බැ‍ඳෙන් නැ

<Nemesis>

මගෙ පුංචි රෝස මලේ
මමයි නුඹෙ වියපත් බඹරා
නුඹ හීනෙන්වත්
නොදකින කුමරා

කළුවර ‍රැ සඳක් වගෙ
අහසේ නුඹ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය නුඹට කියන්න
තරහක් නැහැ නුඹ බැස යන්න..

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනවනම්
ආසයි මම කවුළුපියන් ඇරල තියන්න
තරහක් නැහැ නෑවිත් ඉන්න

<Amarasiri Peiris>


පෙම් කවක් ලියු නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් ‍රැඳි වුන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ

නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
යළි එන්නම එන්නම හිතුනේනම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගෙ ලගින්
දුන් සතුට එපමණද මට පවසන්
සඳ එළිය පොලවටයි හිමි වූයෙ
සඳ අහසෙ ‍රැඳුනාට රත්තරනේ..




<Karunarathna Diwulgane>